NMRA දත්ත මගඩිය : මනූෂට වැරදුනාද ? නැත්තම් මනුෂ කරන්නේ කොන්ත්‍රාත් එකක්ද? - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 27, 2021

NMRA දත්ත මගඩිය : මනූෂට වැරදුනාද ? නැත්තම් මනුෂ කරන්නේ කොන්ත්‍රාත් එකක්ද?

මනූෂට වැරදුනාද ? 
නැත්තම් මනුෂ කරන්නේ කොන්ත්‍රාත් එකක්ද?

ජාතික වශයෙන් වැදගත් සිද්ධි ගැන මාධ්‍ය හමුවේ දිගින් දිගටම අදහස් දක්වා ජනමතය වෙනස් දිශාවකට යොමු කිරීමට කටයුතු කිරීම ඩීල් දමන දේශපාලකයින්ගේ පුරුද්දක් බවට පත්ව ඇත. ඖෂධ නියාමන අධිකාරියේ සිදුවූ දත්ත මගඩිය ගැන පසුගියදා මාධ්‍ය හමුවක් පැවැත්වූ මනුෂ නානායක්කාර පැවසුවේ, මේ සිද්ධිය පිටුපසින් සිටින්නේ ටෙලිකොම් සමාගම බවයි. එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ '''' දත්ත ටෙලිකොම් ආයතනය භාරයේ ඇති බවත් මෙය ටෙලිකොම් සභාපතිවරයා විසින් සිදුකළ කුමන්ත්‍රණයක් බවත්ය.

නමුත්, මනුෂට මෙහිදී අමතකව ගොස් තිබෙන්නේ සිද්ධියට සම්බන්ධ විදේශ හිමිකාරිත්වය යටතේ තිබෙන සමාගම මේ වනතෙක් NMRA දත්ත මගඩිය ගැන කිසිදු අදහසක් ප්‍රසිද්ධ කොට නැති බවයි. දත්ත මැකීයාමේ රාවයත් සමග තමන්ට එල්ල වූ සියළු චෝදනා ප්‍රතික්ෂේප කරමින් නිළ නිවේදනයක් නිකුත් කර SLT - MOBITEL පැහැදිලිව පෙන්වා දුන්නේ, Lanka Government Cloud සඳහා තමන් Hosting සේවාවන් ලබානොදෙන බවයි. මෙවන් තත්වයක් තුළ වුවද මනුෂ පුන පුනා කියා සිටියේ මෙය NMRA හා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයාගේ කුමන්ත්‍රණයක් බවයි. විදේශ සමාගම් වල ඩීල් වලට ගැති වෙමින් දේශීය ආයතන වලට අභූත චෝදනා නගන මෙවන් දේශපාලකයින් කාගේ වුමනාවට මුදල් කුට්ටි ලබාගනිමින් මේ අභූත චෝදනා නගන්නේද යන්න දැන් ජනතාව විසින් ප්‍රශ්න කළ යුතු කරුණ බවට පත්ව ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad