අවුරුදු දෙකට මෙහෙම නම් පහ ඉවර වෙද්දී පය ගහන්න තැනක් නැති වෙනවා - චමීර පෙරේරා (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 28, 2021

අවුරුදු දෙකට මෙහෙම නම් පහ ඉවර වෙද්දී පය ගහන්න තැනක් නැති වෙනවා - චමීර පෙරේරා (video)

මේ අවුරුදු දෙකට විකුණා ඇති දේපල අනුව වසර පහ යන විට පය ගහන්න තැනක් නොමැති වනු ඇති බව එක්සත් පුරවැසි සන්ධානයේ චමීර පෙරේරා මහතා පවසයි.
පොහොට්ටුවේ ලේකම් පවසන පරිදි සිංගප්පූරුව, මැලේසියාව රටවල ජෝගින් ට්‍රැක් හදන විට ජනතාව පාරට නොබැස්ස නමුත් රට දියුණු කරන විට ශ්‍රී ලංකාව තුළ විරෝධය මතු වෙන්නේ ශ්‍රී ලංකාව සිංගප්පූරුව මෙන් වාණිජ නගරයක් නොවන නිසාත් ශ්‍රී ලංකාව යනු සිංගප්පූරුව මෙන් වෙළෙඳ නගරයක් නොවන බවයි ඔහු සඳහන් කරන්නේ.

බොහොමයක් ජනතාව රටේ සම්ප්‍රදාය, උරුමය අතුගා දැමීමට සූදානම් නැති අතර එය තේරුම් ගත යුතුව ඇති බව චමීර පෙරේරා මහතා කියා සිටියි.

පරාක්‍රම සමුද්‍රයේ රළපනාව කඩා ජෝගින් ට්‍රැක් හැදීම දේශප්‍රේමය නොවන බවද වටහා ගත යුතු බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. 

No comments:

Post a Comment

Post Bottom Ad