යුගදනවි ගිවිසුම අස්ගිරි මහනාහිමි අතට... ‘අපට ලැබුණේ ආණ්ඩුවක් නොව දේපොළ ‌වෙළෙද සමාගමක්’.. සංඝ සභාව රැස්වෙන්න තීන්දු කරයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 27, 2021

යුගදනවි ගිවිසුම අස්ගිරි මහනාහිමි අතට... ‘අපට ලැබුණේ ආණ්ඩුවක් නොව දේපොළ ‌වෙළෙද සමාගමක්’.. සංඝ සභාව රැස්වෙන්න තීන්දු කරයි - (video)

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (27) පෙරවරුවේ සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ  මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමියන් බැහැ දැක විදෙස් ගිවිසුම් සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කිරීමට පියවර ගත්තේය.
එහිදී මහ නාහිමියන් වෙත යුගදනවි විදුලි බලාගාර ගිවිසුම පිළිබඳ දැනුවත් කිරීමේ සංදේශයක් හා කැබිනට් පත්‍රිකාවේ පිටපතක් ද පිරිනැමුහ.

එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ ආණ්ඩුව මේ වනවිට දේපොළ වෙළෙද සමාගමක් බවට පත්ව ඇති බවකි.

සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමි,

විපක්ෂයේ අදහසත් රට ආරක්ෂා කර ගැනීම ඒ වගේම ආණ්ඩු පක්ෂයේ අදහස විය යුත්තේ රට රැක ගැනීම. මහජනතාව ඡන්දේ දුන්නේ රට ආරක්ෂා කරගන්න තමයි. ජනතාවගේ බලාපොරොත්තුව එයයි. ඊට විරුද්ධව යමක් සිද්ධ වෙනවනම් ඒක වැරදියි කියන එක අපි ප්‍රකාශ කරනවා. ඒ නිසා අපි මේවා පිළිබඳව බුද්ධිමත්ව ආණ්ඩු පක්ෂය හා විපක්ෂය එක්වෙලා සාකච්ජා කරලා රටට විපතක් නොවෙන හැටියට කටයුතු කරනවා නම් හොඳයි කියලා අපි විශේෂයෙන් සඳහන් කරනවා. අපි සංඝ සභාව මේ ගැන සාකච්ඡා කරලා අපි මේ ගැන රජයට දනුම් දීමක් කරනවා.


No comments:

Post a Comment

Post Bottom Ad