විශේෂ කැබිනට් රැස්වීමේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න අහන්න හවුල්කාර පක්ෂ තීන්දු කරයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 7, 2021

විශේෂ කැබිනට් රැස්වීමේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න අහන්න හවුල්කාර පක්ෂ තීන්දු කරයි!

අද සවස පැවැත්වීමට නියමිත විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ආණ්ඩුවේ වැඩපිළිවෙළ ප්‍රශ්න කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නායකයන් තීන්දු කර ඇත.

ඊයේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිවසේ පැවැති රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ජා වී ඇති බව දැනගන්නට ඇත.

මෙහිදී බඩු මිල ඉහළ යාම, පොහොර ප්‍රශ්නය, යුගදනවි බලාගාරය අමෙරිකාවට පවරා දීම, ත්‍රිකුණාමල තෙල් ටැංකි ප්‍රශ්නය සහ ගුරු වැටුප් ප්‍රශ්නය පිළිබදව සාකච්ජා වී ඇති බව වාර්තා වේ.

පැය 5ක් පුරා මෙම සාකච්ජාව පැවැත්වී ඇති බවක්ද දැනගන්නට ඇත.

අද සවස 5ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ කැබිනට් සාකච්ජාව පැවැත්වීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad