පොහොට්ටු රැළිය අනුරපුරේ A/Level දරුවෝ තෙහෙට්ටු කරයි? - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 8, 2022

පොහොට්ටු රැළිය අනුරපුරේ A/Level දරුවෝ තෙහෙට්ටු කරයි?

රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලි මාලාවේ පළමු රැලිය අද (09) පස්වරු 2.00ට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත් වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොදුජන පෙරමුණේ නායකයන්ගේ සහභාගිත්වයෙන් මේ "පොදුජන මහ රැලියක්" පැවැත්වෙයි.

රටෙහි සංවර්ධන කටයුතු පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම මෙහි අරමුණ බව පැවසුනද මේ රැලිය හේතුවෙන් අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් 3,000 කට වැඩි පිරිසකට බාධා ඇතිකරනු ඇති බව එම ප්‍රදේශවාසී හු කියති.

අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණය අවට විභාග මධ්‍යස්ථාන 7ක් ඇති බව පැවසේ.

එසේම විභාග කාල සටහනට අනුව අද විභාගය අවසන්වීමට නියමිතව ඇත්තේ පස්වරු 3.00ට වන අතර මේ රැළිය ආරම්භ වන්නේ පස්වරු 2.00ටය.

-srilankamirror


No comments:

Post a Comment

Post Bottom Ad