හම්බන්තොට ඉඩම් ප්‍රශ්නයක්! ප්‍රබල දේශපාලඥයෙක් මැදිහත් වී ඉඩම් කොමිසමේ කොමසාරිස් ගෙදර යවයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 8, 2022

හම්බන්තොට ඉඩම් ප්‍රශ්නයක්! ප්‍රබල දේශපාලඥයෙක් මැදිහත් වී ඉඩම් කොමිසමේ කොමසාරිස් ගෙදර යවයි!

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ප‍්‍රබල දේශපාලඥයෙකු මැදිහත් වී ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමේ කොමසාරිස්වරයා වන කීර්ති ගමගේ මහතා නෙරපා ඇතැයි, අද දිවයින පුවත්පත වාර්තා කරයි.

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ දෙපාර්ශ්වයක් අතර පැවති ඉඩම් ආරවුලක්, ඉඩම් කොමසාරිස්වරයා මැදිහත් වී සාධාරණ ලෙස විසදීම සම්බන්ධයෙන් උරණ වී ඇති අදාල දේශපාලඥයා, ඉඩම් කොමසාරිස් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

තමා ඉඩම් කොමසාරිස් ලෙස පත් වී මාස 15 ක් පමණ වන බවත්, එම කාලය තුළ, උපරිම සාධාරණත්වයෙන් යුතුව ජනතාවට සේවය කළ බවත්, ඉඩම් කොමසාරිස් කීර්ති ගමගේ මහතා දිවයින පුවත්පතට පවසා තිබේ.

එමෙන්ම මෙම ඉවත් කිරීමට එස්.එම්.චන්ද්‍රසේන අමාත්‍යවරයාගේ මැදිහත් වීමක් නැති බවද ඔහු පවසා තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad