එන්නත් මාත්‍රා තුනම නොගත් කිසිවෙකුට පොදු ස්ථාවලට ඇතුළුවීම තහනම්… අති විශේෂ ගැසට්ටුව නිකුත් වේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 4, 2022

එන්නත් මාත්‍රා තුනම නොගත් කිසිවෙකුට පොදු ස්ථාවලට ඇතුළුවීම තහනම්… අති විශේෂ ගැසට්ටුව නිකුත් වේ!

කොවිඩ් පූර්ණ එන්නත්කරණය රහිත කිසිවෙකුට පොදු ස්ථානවලට ඇතුළු වීම හෝ රැඳී සිටීමට අවස්ථාවක් නැති බව දක්වමින්  කොවිඩ් එන්නත්කරණය ගැන අතිවිශේෂ ගැසට් නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද පෙරවරුවේ නිකුත් කර තිබේ.

ඒ අනුව නිසි අධිකාරිය විසින් නිදහස් කරනු ලැබුවහොත් මිස 2022 අප්‍රේල් 30 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාව තුළ එන්නත් නොකළ පුද්ගලයින්ට නිශ්චිත එන්නත් සාක්ෂි නොමැතිව පොදු ප්‍රවාහනය ඇතුළු පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම් කර තිබේ.

මෙහි දී  “සම්පූර්ණයෙන් එන්නත් කරන ලදී” යන්නෙන් අදහස් වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිශ්චිතව දක්වා ඇති පරිදි අදාළ පුද්ගලයා අදාළ එන්නතෙහි අවශ්‍ය මාත්‍රාව ලබාගෙන ඇති බවය.

ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, අවම වශයෙන් එන්නත් මාත්‍රා තුනක් ලබා ගත් මහජනතාව සම්පූර්ණ එන්නත් කළ අය ලෙස සලකනු ලැබේ.


No comments:

Post a Comment

Post Bottom Ad