තනිව තීන්දු ගන්න ජනාධිපති පෞර්ෂයක් නෑ.. ඔහුට ගැඹුරු දැනුමක් නෑ - රතන හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 4, 2022

තනිව තීන්දු ගන්න ජනාධිපති පෞර්ෂයක් නෑ.. ඔහුට ගැඹුරු දැනුමක් නෑ - රතන හිමි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජපක්ෂ පවුලෙන් පරිබාහිරව දේශපාලන තීන්දුවක් ගැනීමට හැකියාවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

ජනාධිපතිවරයා දේශපාලනය කරන්නේ තම සහෝදරයා වන මහින්ද රාජපක්ෂ මහතාගේ සවියෙන් වන නමුත් දේශපාලන පිරිස් කළමනාකරණය කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට නැති බව ද උන්වහන්සේ කියා සිටියහ.

තම පවුලෙන් ගැලවීමට තරම් පෞරුෂයක් ගෝටාභය රාජපක්ෂ මහතාට නැති බවද උන්වහන්සේ කියා සිටිති.

ගෝටාභය රාජපක්ෂ මහතා වසර තිහක් ශ්‍රී ලංකාවේ ජීවත් වූ කෙනෙක් නොවන නිසා ඔහුට මේ මහ පොළොවත් එක්ක තිබෙන බැඳීම් වල යම් අඩුවක් ඇති බවද උන්වහන්සේ පෙන්වා දෙති.

පුවත්පතක් සමග සම්මුඛ සාකච්චාවකර එක්වෙමින් උන් වහන්සේ මෙම අදහස් පල කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad