තවත් සභාපතිවරයෙකුට ඉල්ලා අස්වන්නැයි දැනුම් දේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 7, 2022

තවත් සභාපතිවරයෙකුට ඉල්ලා අස්වන්නැයි දැනුම් දේ!

පොල් සංවර්ධන අධිකාරිය සභාපති තිලක් වීරසිංහ මහතාට එම ධුරයෙන් ඉල්ලා අස්වීමට දැනුම් දී තිබේ.

පොල් කිතුල් රා වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කර්මාන්ත නිෂ්පාදන හා අපනයන විවිධාංග අමාත්‍යංශයේ ලේකම් තිස්ස හේවාවිතාන මහතා විසින් මෙම දැනුම්දීම කර ඇත.

ඔහුට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස පසුගිය පස්වැනිදා දන්වා යැවූ බවත් ඒ අනුව ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත එවනු ඇතැයි බලාපොරොත්තු වන බව හෙතෙම පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කරන ලද දැනුම්දීමක් අනුව මෙසේ ඉල්ලා අස්වන ලෙස සභාපතිවරයාට දැනුම් දුන් බවත් හෙතෙම කියා සිටියේය.

රාගම වෛද්‍ය පීඨ සිසුන්ට පහර දීමේ සිද්ධියට රැගෙන ගිය වාහනය පොල් සංවර්ධන අධිකාරියට අයත් වාහනයක් වීම හේතුවෙන් එහි වගකීම ආයතන ප්‍රධානියා විසින් දැරිය යුතු බව බැවින් මෙම පියවර ගෙන ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේ ය.

එම සිදුවීම පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණ පවත්වන බවද ලේකම්වරයා තව දුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad