ජනක රත්නායක ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට…? - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 29, 2023

ජනක රත්නායක ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට…?

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මීළඟ මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ඊට අවශ්‍ය අඩිතාලම ඔහු මේ දිනවල දමමින් සිටින බවද ඔහු සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

කෙසේ වෙතත් එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ජනක රත්නායක මහතා පවසන්නේ තමන් කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති බවයි.

තමන් රාජකාරි කරන්නේ ස්වාධීන බවත් ඒ සඳහා කොමිසමේ අනෙක් සාමාජිකයන් ගෙන් ද සහයෝගය ලැබෙන බවත් හෙතෙම පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad