ජනපති ගේ මූලිකත්වයෙන් රැස් වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය එ.ජා.ප සභිකයින් 1137කගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 21, 2023

ජනපති ගේ මූලිකත්වයෙන් රැස් වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය එ.ජා.ප සභිකයින් 1137කගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරයි

පළාත් පාලන ආයතන වෙත එක්සත් ජාතික පක්ෂයෙන් පත්වූ සභිකයන් 1137 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වූ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඊයේ (21) සවස ඒකමතිකව තීන්දු කළේය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සභිකයින් බහුතරකගේ සහභාතීත්වයෙන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පැවැති අවස්ථාවේ දී මෙම තීරණය ගෙන තිබිණි.

මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා 341 කට එක්සත් ජාතික පක්ෂයෙන් 2018 වර්ෂයේදී තේරී පත්වූ මන්ත්‍රීවරුන් පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අහෝසි කර ඇත. මොවුහු සියලු දෙනා එක්සත් ජාතික පක්ෂයෙන් පත්ව සමගි ජනබලවේගයට සහාය දැක්වූවෝ වෙති.

එසේම මෙම පිරිස මේ වන විටත් වෙනත් පක්ෂ වලින් මෙවර පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා දී ඇති අය බව සිරිකොත පක්ෂ මූලස්ථානය පවසයි.

එම කරුණු පාදක කර ගනිමින් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීන්දු කර තිබෙි.

සමාජිකත්වයෙන් ඉවත් කළ පිරිසෙන් 300 ක පමණ කණ්ඩායමක් නිදහසට කරුණු කීමට අවස්ථාව ඉල්ලා තිබුණ ද එය නොසලකා සියලු දෙනා ඉවත් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දු කර ඇත.

තවමත් පළාත් පාලන ආයතන නිල කාලය අවසන්ව නොමැති බැවින් පක්ෂය විසින් ඉදිරියේදි නව සභිකයන් 1137 දෙනකු පළාත් පාලන ආයතන වෙත පත් කිරීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad