ඡන්දෙ 9 වැනිදා තියන්නත් බෑ! ඇප මුදල් දැන්ම දෙන්නත් බෑ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 21, 2023

ඡන්දෙ 9 වැනිදා තියන්නත් බෑ! ඇප මුදල් දැන්ම දෙන්නත් බෑ!

පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වනදා පැවැත්වීමට හැකියාවක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුණ ද ඇප මුදල් නැවත නිකුත් කිරීමට මේ දක්වා හැකියාවක් නොමැති බව ‍මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඇප මුදල් යළි නිකුත්කළ හැකි වන්නේ නාමයෝජනා අවලංගු කිරීමකදී පමණක් බව එහි සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා සඳහන් කළේය.

නාමයෝජනා අවලංගු කිරීමට නම් ආණ්ඩුව පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කළ යුතු අතර, එසේ නොවන්නේ නම් සීමා නිර්ණ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළහොත් පමණක් නාමයෝජනා අවලංගු වන බව සඳහන් වේ.

කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණය නොපවත්වන බවට මේ දක්වා නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත්තේ දැනට ප්‍රකාශයට පත්කර ඇති දිනයේ දී එය පැවැත්වීමට පවතින අපහසුතාව පමණක් බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad