තුර්කි - සිරියා භූ කම්පනෙය මිය ගිය ගණන 4,000 ඉක්මවයි - තුර්කියට සහය දෙන්න ශ්‍රී ලංකාව සැරසෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 7, 2023

තුර්කි - සිරියා භූ කම්පනෙය මිය ගිය ගණන 4,000 ඉක්මවයි - තුර්කියට සහය දෙන්න ශ්‍රී ලංකාව සැරසෙයි

තුර්කි - සිරියා භූ කම්පනෙය  මිය ගිය ගණන 4,000 ඉක්මවයි
තුර්කියට සහය දෙන්න ශ්‍රී ලංකාව සැරසෙයි

තුර්කියේ සහ සිරියාවේ ඇති වූ රික්ටර් පරිමාණයේ 7.8ක ප්‍රබල භූමිකම්පාවෙන් පසු අවම වශයෙන් මරණ අද (07දා) උදෑසන වනවිට 4,372ක් තහවුරු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

තුර්කියේ ආපදා සේවා ප්‍රධානී යුනුස් සේසර්ට අනුව අඟහරුවාදා උදෑසන වන විට තුර්කියේ පමණක් මරණ සංඛ්‍යාව 2,921ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තුවාල 15,834ක් වාර්තා වී ඇති බව අන්කාරා හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සේසර් පැවසීය.

සිරියාවේ, මරණ 1,451ක් සහ තුවාල කරුවන් 3,531ක් නිලධාරීන් විසින් වාර්තා කර ඇත.තුර්කියේ දකුණුදිග සීමාවට සහ සිරියාවේ වයඹදිග සීමාවට අද (06දා) බලපෑ රික්ටර් පරිමාණ 7.8ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනය හේතුවෙන් දෙරටේම 2,300කට අධික පිරිසක් මිය ගොස් ඇතැයි වාර්තා වෙයි.

තුර්කි වේලාවෙන් අද අලුයම 4.17ට පමණ මෙම භූකම්පනය හටගෙන ඇති අතර, මෙම අවස්ථාවේදී බොහොදෙනා නින්දේ පසුවීම හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව මීට වඩා වැඩිවිය හැකි බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මෙහිදී තුර්කිය තුළ මරණ 1,540කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, සිරියාව තුළද මරණ 810ක් ඉක්මවා වාර්තා වී තිබේ. එමෙන්ම, භූ කම්පනය හේතුවෙන්ම දෙරටේම තුවාල ලැබූ සමස්ත සංඛ්‍යාව 10,000ක් ඉක්මවා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.


තුර්කියට සහය දෙන්න ශ්‍රී ලංකාව සැරසෙයි


ප්‍රබල භූ කම්පන සමග තුර්කියේ කඩා වැටුණු ගොඩනැගිලි ආශ්‍රිතව මේ වනවිට ක්‍රියාත්මක මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහාය දීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත එම තීරණය ගෙන ඇති අතර විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා විසින් මේ පිළිබඳව එරට විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත දැනුම්දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි

No comments:

Post a Comment

Post Bottom Ad