මහින්දට යළි අගමැතිකම ගන්නැයි යෝජනාවක්… පොහොට්ටුව පොදු එකඟාවයකින් යෝජනා කලොත් භාරගන්නවා… මහින්ද කියයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 12, 2023

මහින්දට යළි අගමැතිකම ගන්නැයි යෝජනාවක්… පොහොට්ටුව පොදු එකඟාවයකින් යෝජනා කලොත් භාරගන්නවා… මහින්ද කියයි!

අරගල විරෝධතා මැද තනතුර අත්හැරිමට සිදුවූ හිටපු අගමැති  මහින්ද රාජපක්ෂට යළි අගමැති ධූරය ලබාගන්නා ලෙස ශ්‍රී ලංකා  පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ඔහුට යෝජනා කර තිබේ.
ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සනත් නිශාන්ත ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් පසුගියදා මෙම යෝජනාව කළ බව පොදු ජන පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මන්ත්‍රීවරු පිරිසක් මෙසේ යෝජනා කළ ද එම පෙරමුණේම මන්ත්‍රීවරු පිරිසක් ඊට විරුද්ධව යමින්  මේ අවස්ථාවේ දී අගමැති ධූරය භාර නොගන්නා ලෙස ඉල්ලිමක් කර ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

රාජපක්ෂ කණ්ඩායමට මතුවී තිබූ  ජනතා විරෝධය යටපත්ව තිබෙන මේ අවස්ථාවේ යලිත් අගමැති ධූරය ලබා ගැනීමෙන් අනවශ්‍ය අර්බුදයක් රට තුළ නිර්මාණය විය හැකි බව ඔවුන් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් පොදුජන පෙරමුණ වශයෙන් සියලු දෙනා එකමුතුව එවැනි යෝජනාවක් කළහොත් ඒ සඳහා තමන් තීරණයක් ගැනීමට සූදානම් බව මහින්ද රාජපක්ෂ විසින් අදාල කණ්ඩායම් දෙකටම දන්වා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad