මැතිවරණ කොමිසම දෙගුණයක් වේගෙන් ආපසු දුවයි... සියළු මැතිවරණ කටයුතු නවතන්නැයි දැනුම් දෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 20, 2023

මැතිවරණ කොමිසම දෙගුණයක් වේගෙන් ආපසු දුවයි... සියළු මැතිවරණ කටයුතු නවතන්නැයි දැනුම් දෙයි!

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව සිදු කරමින් තිබූ රාජකාරි කටයුතු රැසක් අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දැමීමේ තීරණයත් සමග මෙම පියවර ගෙන ඇත.

මැතිවරණයට අදාල රාජකාරි කටයුතු රැසක් අත්හිටුවන්නැයි දන්වමින් මැතිවරණ කොමිසන් සභාව විසින් සියලුම දිස්ත්‍රික් කිරීම භාර නිලධාරීන්ට සහ නියෝජ්‍ය හා සහකාර තේරීම් භාර නිලධාරීන්ට ලිඛිතව දැනුම් දී තිබේ.

ඒ අනුව එළැඹෙන සදුදා දින සිට සියලු සේවකයන්ට සාමාන්‍ය කාර්යාල වෙලාව අනුව කටයුතු කරන ලෙසත් මැතිවරණ වෙනුවෙන් වන අතිකාල රාජකාරි අත්හිටුවන බවත් දැනුම් දී තිබේ.

සති අන්ත හා රජයේ නිවාඩු පිලිබද මැතිවරණ ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලු දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වසා දැමීමට ද උපදෙස් දී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad