මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සියළු සාමාජිකයන් ඉවතට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 19, 2023

මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සියළු සාමාජිකයන් ඉවතට!

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සාමාජිකයන් ඉවත් කර නව සාමජිකයන් සහිතව කොමිසම පිහිටුවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

ව්‍යවස්ථා සභාව විසින් සියලු කොමිෂන් සභා සඳහා මේ වන විටත් අයදුම්පත් කැඳවා තිබේ.

ඊට සමගාමීව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සෙසු සාමාජිකයන් ද ඉවත් කිරීමට නියමිතය.

පළාත්පාලන මැතිවරණය කල් යාමට සමගාමීව මෙම ඉවත් කිරීම සිදු වනු ඇති අතර ඉදිරියේ ඕනෑම මැතිවරණයක් පැවැත්වෙනු ඇත්තේ නව සභාපතිවරයෙකුගෙන් හා නව සාමාජික පිරිසක් සහිත කොමිසමක් යටතේය.


No comments:

Post a Comment

Post Bottom Ad