සියල්ලට පෙර ජනාධිපතිවරණය කැදවයි.. අකමැතිනම් රනිල් එලවා කැමති කෙනෙක් පත් කරන්න රටටම අවස්ථාව… - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 26, 2023

සියල්ලට පෙර ජනාධිපතිවරණය කැදවයි.. අකමැතිනම් රනිල් එලවා කැමති කෙනෙක් පත් කරන්න රටටම අවස්ථාව…

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පෙර ජනාධිපතිවරණයක් කැඳවීම සම්බන්ධයෙන් රජය සැලසුම් සකස් කරමින් සිටින බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග කියා සිටී. පළමු වරට ජනාධිපති ධුරයට පත්වන අයෙකුට එම පත්වීමෙන් හතරක් ඉකුත් වූ පසු යළිත් ජනාධිපතිවරණයක් කැඳවීමට ප්‍රකාශ කළ හැකි බව ව්‍යවස්ථාවේ සඳහන් වෙයි.
නමුත් එසේ කැද විට පෙර ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණයක් ලබා ගැනීමට නියමිතව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දරන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු ධුර කාලයේ ඉතිරි කොටසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වී වසර හතරක් සම්පූර්ණ වන්නේ මෙම වසරේ නොවැම්බර් 17 වනදාටයි.

වික‍්‍රමසිංහ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු ධුර කාලයේ අනුප්‍රාප්තික ජනාධිපති ලෙස කටයුතු කරයි.

රජයේ අදහස වන්නේ පළමු ධුර කාලය වසර 4 ඉකුත් වීමත් සමග නව ජනාධිපතිවරණයක් කැදවීමට රනිල් වික්‍රමසිංහ මහතාට ද අවස්ථාව හිමි වනු ඇති බවටයි.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට බොහෝ ඉඩකඩ ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad