මාලිමාවකට එක්වීම ගැන තීන්දුවක් ගන්නවා... අනුර සමග සාකච්චා කලා - ගම්මන්පිල - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 19, 2023

මාලිමාවකට එක්වීම ගැන තීන්දුවක් ගන්නවා... අනුර සමග සාකච්චා කලා - ගම්මන්පිල

ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව ධනාත්මකව කලක් මෙරට ප්‍රධාන පුවත් පතකට තමා ලිපිපෙලක් ලියූ බව උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ තමාගේ මිතුරන් බවත් ඉදිරියේ නිර්මාණය වන දේශපාලන තත්ත්වයට අනුව මාලිමාවකට එකතුවිම සම්බන්ධයෙන් තමා තීන්දුවක් ගන්නා බවත් ගම්මන්පිල මහතා පවසයි.

අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් මහතා සමග තම ඇතැම් දේශපාලන සාකච්ඡා සිදුකළ බවත් ඒවා මාධ්‍යයට හෙළි කිරීමට කැමැත්තක් නොදක්වන බවත් මන්ත‍්‍රීවරයා කියයි.

ඔහු මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad