බුත්තල සෙලවු භූ කම්පනවලට හේතුව හෙළිවෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 10, 2023

බුත්තල සෙලවු භූ කම්පනවලට හේතුව හෙළිවෙයි

දිවයිනේ වැඩිම භූ චලන සිදුවන්නේ බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව බවට භූ විද්‍යාඥයින් අනාවරණ කර තිබෙනවා.

බුත්තල සිට ලුණුගම්වෙහෙර දක්වා ප්‍රදේශයේ පිහිටීම අනුව මෙවැනි භූ කම්පන සිදුවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ පිළිබදව අනියත බියක් ඇතිකර නොගන්නා ලෙයසි ඔවුන් ජනතාවට දැනුම් දෙන්නේ.

මීට පෙර ද අවස්ථා කිහිපයකදී එම ප්‍රදේශය ආශ්‍රීතව මෙවැනි භූ කම්පන තත්ත්වයන් වාර්තා වී තිබුණා.

ඊයේ දිවා කාලයේදී බුත්තල සහ වැල්ලවාය ඇතුළු ප්‍රදේශ කිහිපයක භූ කම්පක දෙකක් සිදුවුණා.

එම භූ කම්පන රික්ටර් මාපක 03 යි දශම 5 ක සහ 3ක අගයක් ගෙන තිබුණා.

මේ අතර බුත්තල ප්‍රදේශයේ හටගත් භූ කම්පන තත්ත්වය ඉන්දු ඔස්ටේ්‍රලියානු තලයේ බිදීයාමක් හේතුවෙන් ඇති වුවක් බව ප්‍රේරාදෙනිය විශ්ව විදයාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබද ජේ්‍යෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.

මෙම තත්ත්වය වසර 20ක පමණ කාලයක සිට සිදුවන බවත් එම බිදියාව සිදුවන ස්ථානයට ආසන්නතම රට ශ්‍රී ලංකාව බැවින් මෙවැනි සුළු භූ කම්පන නිරන්තරයෙන් දක්නට ලැබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad