බුත්තල යළිත් භූ කම්පනයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 22, 2023

බුත්තල යළිත් භූ කම්පනයක්!

බුත්තල – වැල්ලවාය ප්‍රදේශ ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 3.3ක අගයකින් යුත් භූ කම්පනයක් සිදු වී තිබේ.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය.

එම භූ චලනය අද (පෙබ. 22) පෙරවරු 11.44ට පමණ සිදුව ඇති බව එම නිවේදනයේ දැක් වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම ප්‍රදේශයේ පාසලක ගුරුවරියක සඳහන් කළේ, මීට පෙර සිදු වූ භූ චලනවලට සාපේක්ෂව මෙම කම්පනය වඩා ත් හොඳින් දැනුණු බව ය.

එමෙන් ම, ඇය සේවය කරන පාසලේ ගොඩනැගිලි පවා සෙලවුණු බව ත් එම අවස්ථාවේ ගොඩනැගිලි තුළ සිටි සියලු ම සිසුන් පාසලේ ක්‍රීඩා පිටිය වෙත රැගෙන ඒමට ඔවුන් කටයුතු කළ බව ත් එම ගුරුවරිය වැඩිදුරටත් පැවසුවා ය.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
මීට පෙර ද එම ප්‍රදේශයේ සුළු භූ කම්පන කිහිපයක් සිදු විය.

ඉන් දෙකක් පෙබ. 10 වන දා සිදු වුණු අතර ඒවායේ විශාලත්වය රික්ටර් මාපක 3ක් ලෙසත් අනෙක් භූ කම්පනය රික්ටර් මාපක 2.4ක් ලෙසත් සටහන් වී තිබිණි.

අනතුරුව ඊට පසු දා එනම් පෙබ. 11 වන දින අලුයම 3:48 පමණ තවත් කම්පනයක් සිදු වී තිබුණු අතර එහි විශාලත්වය රික්ටර් මාපක 2.3ක් ලෙස සටහන් වී තිබිණි.


No comments:

Post a Comment

Post Bottom Ad