මාලිමාවේ කොළඹ විරෝධයට ආ අපේක්ෂකයෙක් මිය යයි - රෝහලේදි හෘද සැත්කමකුත් කරලා | Nimal Amarasiri - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 27, 2023

මාලිමාවේ කොළඹ විරෝධයට ආ අපේක්ෂකයෙක් මිය යයි - රෝහලේදි හෘද සැත්කමකුත් කරලා | Nimal Amarasiri

මාලිමාවේ කොළඹ විරෝධයට ආ අපේක්ෂකයෙක් මිය යයි
රෝහලේදි හෘද සැත්කමකුත් කරලා 

ජාතික ජනබලවේගය විසින් ඊයේ (26) කොළඹ පැවති විරෝධතා පෙළපාලියට පොලිස්ය විසින් එල්ල කළ ජල හා කදුළු ගෑස් ප්‍රහාර වලට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (27) පෙරවරුවේ මියගොස් ඇත.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ නිවිතිගල පදිංචි නිමල් අමරසිරි (60) නමැති පුද්ගලයකු වන අතර ඔහු මෙවර පලාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වූ නිවිතිගල ප්‍රාදේශිය සභාවේ අපේක්ෂකයෙකි.

කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසුවේ ඔහුගේ ඇසකට තුවාල සිදුවී ඇති අතර හෘද සැත්කමක්ද ඔහුට සිදු කර ඇති බවයි.
ඉන් අනතුරුව දැඩි සත්කාර  ඒකකයට ඇතුළුකර ප්‍රතිකාර ලබමින් සිටි අතරතුර මරණයට පත් වූ බවය.

එම මරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙසේ කීය-

සිද්ධියෙන් තුවාල ලැබූ අය 28 දෙනෙකු පමණ රෝහල්ගතකරන්න සිද්දවුණා, කිහිපදෙනෙක් ටිකට් කපාගෙන ගිහිල්ලා තිබුණා. තවත් කිහිපදෙනෙක් ඉන්නවා. එතැනින් දෙන්නෙක්ට කිසියම් අසාධ්‍ය තත්ත්වයක් මතුවෙලා තිබුණා. දැන් වාර්තාවුණා අපිට ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ගේ ජීවිතය නැතිවුණා කියලා විශේෂයෙන්ම නිමල් අමරසිරි කියලා රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රදේශයේ අපේ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙක් ලෙස කටයුතු කරන සහෝදරයෙක්.,

No comments:

Post a Comment

Post Bottom Ad