පාර්ලිමේන්තුව විසුරුවන්නැයි ජනපතිට කියයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 5, 2023

පාර්ලිමේන්තුව විසුරුවන්නැයි ජනපතිට කියයි..

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල බලතල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මේ වන විට ලැබී ඇති නිසා වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළ යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.

ඉන්පසු පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ජනතා මතය අනුව පත්වන නව ආණ්ඩුවකට රට බාරදීමට කටයුතු කළ යුතු බවද උන්වහන්සේ පැවසූහ.

එසේ නොකර මැතිවරණ නොපවත්වා පාලනය ගෙන යාමට උත්සාහ කිරීමෙන් කිසිදු අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන වල සහායක් ශ්‍රී ලංකාවට නොලැබෙනු ඇති බවත් උන් වහන්සේ කියා සිටිති.

No comments:

Post a Comment

Post Bottom Ad