මහින්දයි බැසිලුයි දෙන්නම හොරෙන්ම ගිහින් රනිල් හමුවෙලා! ගිය දිනයන් කතා කරපු දේවල් මෙන්න! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 29, 2023

මහින්දයි බැසිලුයි දෙන්නම හොරෙන්ම ගිහින් රනිල් හමුවෙලා! ගිය දිනයන් කතා කරපු දේවල් මෙන්න!

අලුත් අවුරුද්ද නිමාවීමත් සමග හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා වෙන වෙනම අප්‍රසිද්ධියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා පවත්වා ඇත්තේ ඉකුත් අප්‍රේල් 18 වැනි දිනය.

එහිදී අගමැති ධුරය යළි ලබාගැනීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට අමතරව ඉකුත් අප්‍රේල් 22 වැනි දින බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පවත්වා ඇති බව දැනගන්නට ඇත.

මෙම සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂය සහ පොහොට්ටුව එක්ව ඉදිරියේදී දේශපාලනය කිරීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා වී ඇති බව පැවැසේ.

එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට පොහොට්ටුවේ අපේක්ෂකත්වය ලබාදීමට බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී යෝජනා කොට ඇති බවද දැනගන්නට තිබේ.

- මව්රට


No comments:

Post a Comment

Post Bottom Ad