පසුගිය වසරේ ගාලුමුවදොර කේන්ද්‍ර කරගෙන ඇති වූ ඇරගලය පසු පස සිට එය මෙහෙයවන ලද්දේ කොළඹ ඇමරිකානු තානාපති ‘ජූලි චන්ග්’ බවට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කරන ලද ප්‍රකාශය සත්‍යයක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
කෙසේ වෙතත් තා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ විමල් විරවංශ මහතාගේ එම ප්‍රකාශය ඔහුගේ හිතේ පල වූ අදහසක් පමණක් බවත් එය ඇත්ත සේ සිතා පොත ලියා ඇති බවත්ය.
ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ එසේ කියා සිටියේය.
Saturday, April 29, 2023
ටිල්වින් සිල්වාට ලාල් කාන්ත එරෙහි වේ.. විමල්ට පක්‍ෂ වේ!
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment