ජනාධිපති වෙන්න අනික් අයට නැති සුදුසුකම් ගොඩක් මට තියෙනවා – චම්පික රණවක - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 25, 2023

ජනාධිපති වෙන්න අනික් අයට නැති සුදුසුකම් ගොඩක් මට තියෙනවා – චම්පික රණවක

මෙරට ‍රාජ්‍ය පාලකයා වීමට අනෙක් අයට නොමැති සුදුසුකම් රැසක් තමන්ට ඇතැයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සඳහන් කරයි.

එනිසා ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් ලැබුණොත් ඒ ගැන සලකා බලන බව ද හෙතෙම පැවසීය.

තමන් පිය උරුමයෙන් හෝ තවත් දේශපාලනඥයකුගේ පිහිටින් දේශපාලනයට පැමිණි අයෙක් නොවන බව ද පවසන පාඨලී චම්පික, අමාත්‍යවරයෙකු ලෙස තමනට පැවරුණු වගකීම වංචාවෙන් දූෂණයෙන් තොරව ඉටුකර අමාත්‍යාංශය ලාභ ලබන තත්ත්වයට පත්කර ඇති බව රටම දන්නා බව ද සඳහන් කළේය.

දක්ෂ හමුදා නිලධාරීන්ට, සුපිරි ක්‍රීඩකයන්ට, පරම්පරා උරුමයට හිමිකම් කියන පුද්ගලයන්ට, සාම්ප්‍රදායික පක්ෂ නායකයන්ට මින් පසු ජනපති අපේක්ෂකත්වය නොදිය යුතු බවද හෙතෙම පවසයි.

ආර්ථිකය නිවැරදි ලෙස කළමනාකරණය කරමින් රට ගොඩනැගීමට හැකියාව ඇති අයෙකුට එම අවස්ථාව ලැබිය යුතු බවත් ඔහු තව දුරටත් කියා සිටියේ, මහනුවර දී මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad