ජනතාවගේ ඡන්ද අයිතිය නැති කළොත් ඒ අය පාරට බැහැලා කැරලි ගහාවි... පාලකයන්ට ඒවා පාලනය කරගන්න බැරි වේවි... ඡන්ද තියන්නේ නැත්තේ පරාද වෙනවා කියලා දන්න නිසා - පාකිස්තානයේ ඉම්රාන් ඛාන් ලංකාව ගැනත් කතා කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 30, 2023

ජනතාවගේ ඡන්ද අයිතිය නැති කළොත් ඒ අය පාරට බැහැලා කැරලි ගහාවි... පාලකයන්ට ඒවා පාලනය කරගන්න බැරි වේවි... ඡන්ද තියන්නේ නැත්තේ පරාද වෙනවා කියලා දන්න නිසා - පාකිස්තානයේ ඉම්රාන් ඛාන් ලංකාව ගැනත් කතා කරයි

රටේ බලය හොබවන පුද්ගලයින් නිසි කලට නිසිලෙස ඡන්ද නොපැවැත්වුවහොත් ශ්‍රී ලංකාවේ මතුවූ තත්ත්වයට සමාන තත්ත්වයක් උද්ගත වනු ඇතැයි පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි.

තම රටේ නිසිකලට ඡන්දයත් පැවැත්වෙනු ඇතැයි මහත් විශ්වාසයෙන් සිටි බව පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, ජනතාවගේ ඡන්ද අයිතිය අවහිර කළහොත් ඔවුන් වීදි බැස ප්‍රචණ්ඩකාරීව හැසිරෙන අවස්ථාවන්වලදී කිසිවෙකුටත් ජන බලය පාලනය කරගත නොහැකි වනු ඇති බවයි.

පාකිස්තානයේ බලයේ සිටින ආණ්ඩුව ඡන්ද නොපවත්වන්නේ ඔවුන් ඡන්දයෙන් පරාජයට පත්වී බලය ගිලිහෙන නිසා බව ද ඉම්රාන් ඛාන් පෙන්වා දෙයි.

ඡන්දය ප්‍රමාද කළහොත් රටේ පවතින ආර්ථික අර්බුදය තවත් බරපතළ විය හැකි බව ඉම්රාන් ඛාන්ගේ අදහසයි.

පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙපඩ් ෂරීෆ් මහතා ඉකුත් බ්‍රහස්පතින්දා දින එරට ජාතික සභාවේ විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ජයග්‍රහණය කළේ එරට ජනතාව නැවත නැවතත් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටින පසුබිමක ය.


No comments:

Post a Comment

Post Bottom Ad