ජෙරම් ප‍්‍රනාන්දු හෙට එනවා.. ඊට පසුබිම සකසන්න සමාව අරන්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 22, 2023

ජෙරම් ප‍්‍රනාන්දු හෙට එනවා.. ඊට පසුබිම සකසන්න සමාව අරන්!

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු හෙට දිනයේ ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවටත් ඒ සඳහා අවශ්‍ය පසුබිම සැකසීමට ඔහු සමාව ගත් බවටත් තොරතුරු ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ පිවිතුරු හෙළ උරුමය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

“ජෙරොම් ප්‍රනාන්දු සමාව ගනියි යනුවෙන් පොල්ගෙඩි අකුරෙන් අද පුවත්පත් වල පළ වෙනවා. ඇත්තෙන්ම ජෙරොම් සමාව ගත්තේ නෑ. ඇපලොජි කියන ඉංග්‍රිසි වචනයේ තේරුම තමන් කළ වරදකට කණගාටුව ප්‍රකාශ කිරීමයි. නමුත් ඔහු ඉතා පැහැදිලිව කියනවා තමන් කිව්වේ පරම සත්‍යය, නව තෙස්තමේන්තුවේ ඇති සත්‍යය කියලා. ඔහු වරදක් කලේ නෑ කියනවා නම් කොහෙද එතැන ඇපලොජි.

ඒ වගේම ඔහු තමන් නව තෙස්තමේන්තුවේ ඇති සත්‍ය ප්‍රකාශ කරනවා කීමෙන් බුදුන් වහන්සේටත් වඩා අපහාස කරන්නෙ ජේසුතුමාට. බයිබලයේ කොතැනකවත් බුදුන් වහන්සේ ආලෝකය සොයා ගියා කියා නෑ. ඇපලොජි කියන වචනයේ තේරුම වගේම එනලයිට්මන්ට් කියන වචනයේ තේරුමත් නොදැනයි ඒ වචන භාවිතා කරන්නේ. ජෙරොම් මේ අමාරුවේ වැටෙන්නේ ඉංග්‍රිසි භාෂාවේ වචන වල හරි හැටි තේරුම් නොදැන ඉංග්‍රිසියෙන් දේශන පැවැත්වීමට යෑමෙන්.

ජෙරොම් හෙට දින ලංකාවට පැමිණෙන බවට වාර්තා වෙනවා. ඒ සඳහා අවශ්‍ය පසුබිම සැකසීම සඳහා ඔහු සමාව ගත් බවට ප්‍රචාරය කරනවා දැයි අපට සැකයක් තිබෙනවා. ඒ නිසා ජෙරොම්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වන තුරු අපි අවදියෙන් සිටින බව ආණ්ඩුවට මතක් කරනවා”


No comments:

Post a Comment

Post Bottom Ad