අරගලකරුවන්ගේ නම් ලයිස්තුවක් සමාජ ජාලවල... පරිස්සමින් ඉන්නැයි දැනුම් දෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 11, 2023

අරගලකරුවන්ගේ නම් ලයිස්තුවක් සමාජ ජාලවල... පරිස්සමින් ඉන්නැයි දැනුම් දෙයි!

රට තුළ බොහොම භයානක තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙන බවත් ඊයේ දින පියත් නිකේෂල මහතාට කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න විසින් සංවිධානාත්මක කණ්ඩායමක් සමග එක්ව මැර ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් මේ වන විට මැර ප්‍රහාරයට ලක් වූ සහ මැර ප්‍රහාරය එල්ල කළ දෙපළම අත්අඩංගුවට ගෙන් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමාජ මාධ්‍ය තුළ අරගලයේ නිරතවූවන්ගේ නම් ලයිස්තුවක් බෙදා හැරෙන බවත් ඔවුන්ට පරිස්සමින් සිටින ලෙස විවිධ ප්‍රචාර යන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජන අරගලයට සම්බන්ධ සියලු දෙනා මැර ප්‍රහාරවලට හා ජීවිත තර්ජනවලට ලක් වී ඇති බවත් ය.

එසේ ම වත්මන් ජනාධිපතිවරයා පවා අරගලයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස බලයට පැමිණි අයකු බැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඊයේ සිදුවූ මේ ප්‍රහාරය අරගලයේ නිරත පිරිසට එල්ල කරන ප්‍රහාර මාලාවේ එක් පියවරක් බවත් ය. එබැවින් සාමකාමී අරගලයක නිරත පිරිසගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් රජය මැදිහත් විය යුතු බව විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.
 
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ පැවැති විවාදයකට එක් වෙමිනි.

– Media unit


No comments:

Post a Comment

Post Bottom Ad