බේරෙ වැවේ ඇදුමෙන් ඉන්ටවු එන්නැයි ගුටිකන්න පෙර පියත් නිකේෂලගෙන් කහදගමට ඇමතුමක්….. (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 11, 2023

බේරෙ වැවේ ඇදුමෙන් ඉන්ටවු එන්නැයි ගුටිකන්න පෙර පියත් නිකේෂලගෙන් කහදගමට ඇමතුමක්….. (video)

කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රීවරයකු පතින් පහර දීමකට ලක් වූ සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරී පියත් නිකේෂල විසින් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහදගම මහතාට දුරකතන ඇමතුමක් ලබා ගන්නා වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වේ.

පසුගිය වසරේ මැයි නව වැනිදා බේරේ වැවේ සිදුවීම ආශ‍්‍රිත සිදුවීම් සිහිපත් කරමින් ඔහු මහින්ද කහදගම මහතාට ආරාධනා කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට පැමිණ ලෙසත් එහි එහිදී පසුගිය වසරේ මැයි 09 වැනිදා ඇඳන් සිටි ඇඳුමද ඇඳගෙන එන ලෙසත්ය.

පියත් නිකේෂල මේ ආකාරයෙන් දුරකථන ඇමතුම් කිහිපයක්ම එම ප‍්‍රචණ්ඩකාරී තත්වයේදී ප්‍රහාරයට ලක් වූවන්ට ගෙන සමාජ ජාලාවලට එක් කර ඇති බව ද හෙළි වී ඇත.

මේ වන විට ඔහු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩුවෙල නගර හිටපු උප නගරාධිපතිවරයා විසින් කරන ලද පැමිණිල්ලක් මතයි.

ඊයේ දිනයේ සිදු වූ පහරදීමකින් ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට පත් විය.

ඔහුට පහර දුන්නේ යැයි චෝදනා එල්ල වන කඩුෙවල හිටපු උප නගරාධිපති වරයාද මේ වන විට අත්අඩංගුවේ පසුවෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad