LPL හි දුර්වල තණතීරු ගැන සනත්ගෙන් විවේචන! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 15, 2023

LPL හි දුර්වල තණතීරු ගැන සනත්ගෙන් විවේචන!

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ (LPL) මූලික වටයේ අවසන් තරගය වූ කළම්බු ස්ට්‍රයිකර්ස් සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම් අතර තරගය සඳහා ඊයේ (15දා) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සාදා තිබූ තණතීරුව සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය දැඩි කනගාටුව පළ කර තිබෙනවා.

එම තරගය නිමාවීමත් සමග ට්විටර් පණිවුඩයක් යොමු කරමෙන් හෙතෙම මේ බව පවසා තිබුණා.

'කොළඹ සහ ගාල්ල අතර තරගයට ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සාදා තිබූ තණතීරුව ඇත්තටම දුර්වල තණතීරුවක්. ඒවගේ තණතීරු ලබාදීම ගැන ඇත්තටම කනගාටුයි. වඩාත් ධනාත්මකව සහ ආක්‍රමණශීලීව ක්‍රීඩා කළ හැකි තණතීරු ලැබේවි යැයි ක්‍රීඩා ලෝලීන් විදිහට අපි බලා සිටියා. අඩුම තරමේ කොලිෆයර් තරගවලට හෝ හොඳ තණතීරු ලබාදේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා' සනත් ජයසූරිය වැඩිදුරටත් පවසනවා.


No comments:

Post a Comment

Post Bottom Ad