ඊජිප්තුවේ නැවක මගේ උපන්දිනය පාටියක් ගත්තේ අකමැත්තෙන් , තිස්ස ජනනායක සර් ත් ගියා - තිත්තගල්ලේ ආනන්දසිරි හිමියෝ | Thiththagalle Anandasiri thero - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 12, 2023

ඊජිප්තුවේ නැවක මගේ උපන්දිනය පාටියක් ගත්තේ අකමැත්තෙන් , තිස්ස ජනනායක සර් ත් ගියා - තිත්තගල්ලේ ආනන්දසිරි හිමියෝ | Thiththagalle Anandasiri thero

ඊජිප්තුවේ නැවක මගේ  උපන්දිනය පාටියක් ගත්තේ අකමැත්තෙන් , තිස්ස ජනනායක සර් ත් ගියා - තිත්තගල්ලේ ආනන්දසිරි හිමියෝ

තිත්තගල්ලේ ආනන්දසිරි හිමි විසින් ඊජිප්තුවේ නැවක නයිල් නදියේ සිට නටමින්, ගයමින් සිය උපන්දිනය   සමරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ හුවමාරු වුවා.

මෙරට ප‍්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙකු වන තිස්ස ජනනායක සහ තවත් ගුරුවරයෙකු එහි සිටිනු දක්නට ලැබුනා.
තමන් වහන්සේගේ උපන් දින සාදයක් ඊජිප්තුවේ නැවක උපන්දින සාදයක් පවත්වන ලද්දේ තමන්ගේ අකමැත්තෙන් බව පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියෝ සඳහන් කරති.

තමන් ගිය චාරිකාවක් අතරතුර හිතවතුන් පිරිසක් තමන්ගේ අකමැත්තෙන් එම සාදය සංවිධානය කර තිබූ බවද උන්වහන්සේ පැවසූහ.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී උන්වහන්සේ පෙන්වා දෙන්නේ තමන් පාරේ හිඟාකන්නේ ආධාර එකතු කරන්නේ සිසුන් 500කට වැඩි පිරිසකට උගැන්වීම සඳහා බව ද එවන් වැඩක් කරන ලංකාවේ එකම පන්සල තම පන්සල බවත්ය.

සමන්ත්‍රභද්‍ර හිමියන් විසින් කරන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ ව්‍යාපෘතියක් බවත් එනම් 2030 වසරේදී බැසිල් රාජපක්ෂ ජනාධිපති කරවා තව උමන්දා දහයක් හදාගැනීමට සමන්තභද්‍ර හිමියන් සූදානමින් සිටින බවත් උන්වහන්සේ එහිදී තවදුරටත් චෝදනා කර තිබේ.

 

No comments:

Post a Comment

Post Bottom Ad