Channel4 වාර්තාව ගැන මෙරට පරීක්‍ෂණ එපා.. ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඔ්නෑ - සිරිල් ගාමිණී - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 9, 2023

Channel4 වාර්තාව ගැන මෙරට පරීක්‍ෂණ එපා.. ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඔ්නෑ - සිරිල් ගාමිණී

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් Channel4 නාලිකාව ඉදිරිපත් කර ඇති වාර්තා වැඩසටහනට අදාළ පර්යේෂණ කටයුතු වෙනුවෙන් පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීම සහ පාර්ලිමේන්තුවේ මැදිහත් වීම තවත් විහිළුවක් පමණක් බව මැල්කම් රංජිත් කදිමල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කර ඇත්තේ මීට පෙරද මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී හා ඉන් පිටතදී පර්යේෂණල කොමිසම් රැසක් ක්‍රියාත්මක වූ නමුත් මේ දක්වා යුක්තිය ඉටු නොවූ බවයි.

එබැවින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා ස්වාධීන හා අපක්ෂපාතී ජාත්‍යන්තර මැදිහත් වීමකින්ද සමන්විත විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බවත් ඒ සඳහා මෙම අපරාධය සම්බන්ධ සුලමුල මුල් අවස්ථාවේදීම අනාවරණය කර ගත් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේද සේවය ලබා ගත යුතු බවත් උන්වහන්සේ මෙහිදී අවධාරණය කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad