Exclusive : Channel4 ප‍්‍රධාන සාක්‍ෂිකරු අසාද් මවුලානාට UNHRC රැකියාවක් දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 12, 2023

Exclusive : Channel4 ප‍්‍රධාන සාක්‍ෂිකරු අසාද් මවුලානාට UNHRC රැකියාවක් දෙයි

අසාද් මවුලානා හෙවත් මොහොමඩ් හන්සීර් මොහොමඩ් මිහ්ලර් වෙත එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් (UNHCR) 2022 ජනවාරි මාසයේදී නවාතැන් පොකුරු සම්බන්ධීකාරක ලෙස තනතුරක් ලබා ලබා දී ඇති බව ශ්‍රී ලංකා ගාර්ඩියන් හෙළිදරව් කර ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා 54 වැනි නිත්‍ය සැසියේදී ශ්‍රී ලංකාව ගැන සිය වාර්තාව නිකුත් කිරීමට පැය කිහිපයකට පෙර විකාශය කළ චැනල් 4 වාර්තා චිත්‍රපටයේ “විස්ල්බ්ලොවර්” ලෙස අසාද් මවුලානා මතුවීය.

එනම් ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාව නිකුත් කිරීමට පැය කිහිපයකට පෙර විවිධාකාර සංශෝධන කරමින් චැනල් 4 තම තහවුරු නොකළ සහ දුර්වල මූලාශ්‍ර සහිත වාර්තා චිත්‍රපටය විකාශනය කළේය.

2019 වසරේ ඛේදජනක පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට සම්බන්ධ යැයි කියන වෛද්‍ය වෘත්තිකයකු වන මොහොමඩ් සෆ්රාස් මොහොමඩ් සූෆියාන් ගැනද අනාවරණය කරණ එම පුවත් වාර්තාවේ මෙසේ දැක්වේ.

“බෝම්බ ප්‍රහාරයට මාස කිහිපයකට පෙර මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය අත්හදා බැලීමේදී බරපතළ තුවාල ලැබූ සහරාන් හසිම්ගේ සහෝදරයා වූ රිල්වාන් හෂීම්ට ප්‍රතිකාර ලබ්දීමේ වගකීම වෛද්‍ය සෆ්රාස් භාරගත්තේය. බරපතළ තුවාල ලැබූ රිල්වාන්ට කොළඹ මහ රෝහලේදී අදාළ සැකකරු ප්‍රතිකාර ලබා දුන්නේ සිද්ධියේ ඇත්ත සහ ඊට සම්බන්ධ පුද්ගලයා හෙළි නොකර බව විමර්ශනයේදී අනාවරණය විය.”

“සහරාන් හෂීම්ගේ සොහොයුරෙකු වන රිල්වාන් හෂීම්ට වෛද්‍ය ආධාර සැපයීමේදී අසාද් මවුලානා සහ සෆ්රාස් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළහ. කෙසේ වෙතත්, අප්‍රේල් 26 වන දින රිල්වාන් ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ සහචරයන් සමඟ සයින්දමරුදු ප්‍රදේශයේදී ඝාතනය කරන ලදී.” එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන ලද නවතම වාර්තාවේ “2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ සම්පූර්ණ තත්ත්වයන් පිළිබඳ වැඩිදුර විමර්ශන රේඛා ලුහුබැඳීම සඳහා ජාත්‍යන්තර සහාය ඇතිව ස්වාධීන පරීක්ෂණයක්” නිර්දේශ කර ඇත.

නමුත් අදාළ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින්ට රැකියා අවස්ථා ලබා දීමෙන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයාට පැවරී ඇති මූලික සදාචාරත්මක නිදහස බරපතළ ලෙස ප්‍රශ්න කරණු ලබයි. සත්‍යය වසන් කිරීමට සහ කුමන්ත්‍රණ න්‍යායන් ප්‍රවර්ධනය කිරීමට ඇතැම් පාර්ශ්වයන් විසින් බලවත් උත්සහයක නිරත වී සිටිති. එහෙත් මෙවැනි බලරපතළ සිදුවීම් වලින් UNHCR සහ පුළුල් එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ වගවීම, විනිවිදභාවය සහ ආචාර ධර්ම ප්‍රශ්න කෙරේ.

අදහස් දැක්වීම සඳහා ශ්‍රී ලංකා ගාඩියන් UNHCR හි ප්‍රාදේශීය කාර්යාලය සහ මූලස්ථානය සම්බන්ධ කර ගෙන ඇතිබව සඳහන් කරන නමුත් ඔවුන් අදාළ විමසීම් වලට තවමත් ප්‍රතිචාර දක්වා නැත.

යොමුව මෙතනින්…


No comments:

Post a Comment

Post Bottom Ad