ෂාෆ්ටර් මර්ණය ඝාතනයක් යයි තීන්දුයි! සැකකරුවන් අල්ලන්න CID මෙහෙයුම්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 1, 2023

ෂාෆ්ටර් මර්ණය ඝාතනයක් යයි තීන්දුයි! සැකකරුවන් අල්ලන්න CID මෙහෙයුම්!

ව්‍යාපාරික දිනේෂ් ෂාප්ටර් මහතාගේ මරණය ඝාතනයක් බවට අධිකරණය විසින් තීන්දු කර තිබේ.

ඔහුගේ මරණය සිදුව ඇත්තේ ගෙල හා මුහුණ මත පීඩනයක් හේතුවෙන් බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ දින ප්‍රකාශ කලේය.

ඒ අනුව මීට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලදී.

මෙම මරණය පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද පංච පුද්ගල විද්වත් වෛද්‍ය කමිටු වාර්තාවෙන් හෙළි වූ තොරතුරු මත අධිකරණය මෙම නිගමනයට එළඹ තිබේ.

පසුගිය වසරේ දෙසැම්බර් මස 15 වැනි දා පස්වරු 4.00 ට පමණ බොරැල්ල සුසාන භූමියේ ගෙදර ඔහු බැඳ දමා සිටියදී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.

එදින රාත්‍රියේ ඒ මහතා මියගිය බවට රෝහල විසින් සනාථ කර තිබිණි.


No comments:

Post a Comment

Post Bottom Ad