නාමල් ජනපති සටන අරඹයි…අලුත් කාර්යාලයකුත් ගනී…විවෘත කිරීමේ උත්සවය බැසිල් මගහරී! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 8, 2023

නාමල් ජනපති සටන අරඹයි…අලුත් කාර්යාලයකුත් ගනී…විවෘත කිරීමේ උත්සවය බැසිල් මගහරී!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා බත්තරමුල්ල නෙලුම් මාවත ප්‍රදේශයෙන්ම නව කාර්යාලයක් විවෘත කර තිබෙන බව වාර්තා වෙනවා.

මෙය විවෘත කිරීමේ අවස්ථාව සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාටද ආරාධනා කර තිබු අතර ඔහු හිතා මතාම එය මග හැර ඇති බවද දැනගන්නට ඇත.

ඊට අමතරව හිතවත් මන්ත්‍රීවරුන්ටද මීට එක්වන ලෙස අරාධනා කර තිබී ඇති අතර එයට පැමිණ ඇත්තේ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා පමණක් වීමද විශේෂත්වයකි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය දේශපාලන කටයුතු සාකච්චා කිරීම සඳහා මෙම කාර්යාලය ලබාගෙන තිබෙනවා.

එහි එක අදියරක් ලෙස සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දැනුවත් කිරීමට නියමිත අතර අද පස්වරුවේ රාජපක්ෂ පවුලට අයත් බත්තරමුල්ලේ පිහිටි අවන්හලකදී එම මාධ්‍යකරුවන්ට භෝජන සංග්‍රහයක් ලබා දී ඔවුන් සිය මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමේ රහසිගත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තාවෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad