චීනය අගමැති බිත්තර රක්කවන්න එක්කර ගනී! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 8, 2023

චීනය අගමැති බිත්තර රක්කවන්න එක්කර ගනී!

ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමිකරුවන් නංවාලීම අරමුණු කරගෙන බිත්තර රැක්කවීමේ යන්ත්‍ර 100 ක් බෙදාහැරීම (08) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණී.

චීනයේ යුනාන් පළාතේ සංචාරයේදී ආග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුව බිත්තර රැක්කවීමේ යන්ත්‍ර සීයක් චීන තානාපති කිව් ෂෙන් හොන් මහතා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදුන් අතර එම යන්ත්‍ර කෘෂිකර්ම අමාත්‍යාංශයේ හදබිම අධිකාරිය මගින් දිවයින පුරා බෙදාහැරීම සිදුකෙරෙයි.

මෙම අවස්ථාවට සහභාගී වූ චීන තානාපති කිව් ෂෙන් හොන් මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ සුවිශේෂී මිතුරෙකු ලෙස චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජන ජීවිතය නංවාලීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගෙනයන වැඩපිළිවෙළට පූර්ණ සහාය ලබාදෙන බවයි.


කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී. බී. හේරත්, ජානක වක්කුඹුර, කාදර් මස්තාන්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, සහ චමල් රාජපක්ෂ මහතා ඇතුළු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක, හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි ඇතුළු පිරිස මෙම අවස්ථාවට එක්වූහ.

– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය


No comments:

Post a Comment

Post Bottom Ad