මහේල ජනපති සමග COP28 ඩුබායි ශ‍්‍රී ලංකා දූත පිරිසේ...! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 3, 2023

මහේල ජනපති සමග COP28 ඩුබායි ශ‍්‍රී ලංකා දූත පිරිසේ...!

ඩුබායිහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවට (COP28) සහභාගි වීම සඳහා ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක හිටපු සහ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන සහභාගී වී සිටී.

ඩුබායි හිදී පැවති එම සමුළුවේ ‍ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමග මහේල ජයවර්ධන ද එහි අසුන් ගෙන සිටියේය.

මෙම අංගය පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මහේල ජයවර්ධන මහතා ජනාධිපති වරයාගේ දූත පිරිසේ සිටි නමුත් ඔහුට අදාල සංචාරය සඳහා වෙනම අරමුදල් ලැබී තිබූ ජනාධිපති කාර්යාල ප්‍රකාශකයෙකු ඩේලි මිරර් වෙත පවසා තිබුණි.

කෙසේ නමුත් මහේල ජයවර්ධන සඳහන් කර ඇත්තේ තමන් ජනාධිපතිවරයා ගේ දූත පිරිසට අයත් නොවන නමුත් තමන් ශ්‍රී ලංකා නියෝජිත පිරිස විසින් පවත්වන්න ලද උත්සවයට සහභාගි වූ බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad