ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂය සමඟ එකතු වී තරග කිරීමට තමා සූදානම් යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සදහන් කර ඇත.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයේ අසුන් ගන්නා බවට සදහන් කල මැති ඇමතිවරුන් පිරිස සමග කල සාකච්චාවකදීය. එක්ව තරග නොකරන්නේ නම් ශ්‍රීලනිපය මෙන්ම අනෙක් පක්ෂද පරාජයට පත්වනු ඇතැයිද සියලු දෙනා එකතු වී තරග කිරීමට සුදුසු බව තමන් විශ්වාස කරන බවද එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
ජනාධිපතිවරයා එහිදී එම පිරිසට තව දුරටත් පවසා ඇත්තේ දෙපාර්ශ්වය එක් කිරීම සදහා කටයුතු සූදානම් කරන ලෙසයි. කෙසේ වෙතත් මේ යෝජනා සම්බන්ධයෙන් ඒකාබද්ද විපක්‍ෂ කණ්ඩායම අතර වූ සාකච්චාවේදී දැඩිව අවධාරනය කෙරී ඇත්තේ කිසිසේත්ම ඒ සදහා එකග විය නොහැකි බවයි. පසුගිය මහ මැතිවණයේදීද ඉතා දරුණ රැවටීමටකට තම පාර්ශවය ලක්වුනු බවත් ඉදිරි මැතිවරණයේදීද එසේ විය නොහැකි නිසා ඒකාබද්ද විපක්‍ෂය විසින් නව සන්ධානයක් සෑදිය යුතුම බවත්එම සන්ධානයට එක්වීමට කැමති ඔ්නෑම අයෙක් ඒක කරගත හැකි බවත්ය.
Saturday, September 9, 2017

ඒකාබද්ද විපක්‍ෂය හා එක්ව මැතිවරණයට සූදානම් බව මෛත‍්‍රී කියයි.
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment