‘ඉවසුවා ඇති’ පළමු ජන රැළිය මාර්තු 08 වැනිදා - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 27, 2019

‘ඉවසුවා ඇති’ පළමු ජන රැළිය මාර්තු 08 වැනිදා

‘ඉවසුවා ඇති’ පළමු ජන රැළිය මාර්තු 08 වැනිදා

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය  කරන ‘ඉවසුවා ඇති’ ජන රැළි මාලාවේ පළමු රැළිය විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 08 වැනිදා පස්වරු 3.00ට මහනුවර දී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (27) පැවසීය.
 
මෙම රැළි මාලාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලුම පක්ෂවල සාමාජිකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ හිටපු සහ දැනට සිටින පළාත් සභා මන්ත්‍රීවරුන්ද සහභාගී වනු ඇති බවද ඔහු පැවසීය.
 
මහනුවරින් ආරම්භ කර රටපුරා රැළි දහයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය. ඉදිරි ජනාධිපතිවරණය පැවැත්විමට නියමිත දෙසැම්බර් 07 වෙනිදා දක්වා මේ ආණ්ඩුවට එරෙහි දැවැන්ත ජන පවුරක් නිර්මාණය කිරීම මූලික අරමුණ ඇතිව මෙම රැලි මාලාව පැවැත්වෙන බවද ඩලස් මහතා පැවසීය.
මෙම රැළි මාලාව අවසානයේ කතරගම සිට කොළඹට විරෝධතා පාගමනක් ආරම්භ කිරීමටද ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කර තිබේ. 

No comments:

Post a Comment

Post Bottom Ad