විදෙස් අධ්‍යාපන ආයතන රජයේ නියාමනයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 27, 2019

විදෙස් අධ්‍යාපන ආයතන රජයේ නියාමනයට


විදේශීය විශ්වවිද්‍යාල හෝ උපාධි පිරිනමන ආයතනවලට අනුබද්ධව මෙරට තුළ එම පාඨමාලා පවත්වාගෙන යන විදේශීය අධ්‍යාපන ආයතන ලියාපදිංචි කිරීමට සහ නියාමනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර
තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ

ප්‍රධානත්වයෙන් පෙරේදා (26) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී මෙම තීරණය ගෙන ඇත. දේශීය හා විදේශීය සිසුන් මෙරටදී හදාරන උපාධි පාඨමාලා ආයතන මෙරට ක්‍රියාත්මක කිරීම සුදුසුද යන්න හඳුනා ගැනීමක් හෝ නියාමනයක් සිදු නොවන බැවින් අදාළ තීරණය ගෙන තිබේ.

මේ වනවිට අගනුවර හා තදාසන්න නගරවල විවිධ රටවල විශ්වවිද්‍යාලවලට අනුබද්ධ ලංකාවේදී හැදෑරිය හැකි පාඨමාලා මෙන්ම  අධ්‍යාපනික වීසා සපයා විදේශගතවී හැදෑරිය හැකි පාඨමාලා පවත්වන ආයතන බුරුතු පිටින් බිහිව තිබීමත්

ඒවායේ ගුණාත්මක තත්වය ගැන මහජන පැමිණිලි දිනපතා ලැබීමත් මත රජය මෙම තීරණය ගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad