කයිරෝ නුවර දුම්රිය ස්ථාන අනතුර හා ගින්නෙන් 25 ක් මරුට CCTV - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 27, 2019

කයිරෝ නුවර දුම්රිය ස්ථාන අනතුර හා ගින්නෙන් 25 ක් මරුට CCTV

ඊජිප්තුවේ කයිරෝ නුවර දුම්රිය ස්ථානයේ ඊයේ ඇතිවූ දුම්රිය අනතුර හා ගිනිගැනීමෙන් 25 දෙනෙකු
ජීවිතක්ෂයට පත්විය. මෙම අසාමාන්‍ය අනතුර සිදුව තිබුනේ දුම්රිය ස්ථානය ආසන්න ස්ථානයේ වානේ
බාධක ගසාගෙන දුම්රිය එන්ජිම පැත්තකට ඇළවී ගමන් කළ නිසාය. විශාල පිපිරුමක් සමග ගිනි පුපුරු පැතිර යාමෙන් දුම්රයපොළහෙි මගීන් වෙත ගිනි ජාලා නිකුත්විය. ගිනි ගැනීමෙන් හා තෙරපීමෙන් 25 ක් මියගිය බවත් 50 කට ආසන්න පිරිසක් තුවාල ලද බවත් වාර්තා විය.
කලාපයේ පැරණිම දුම්රිය ධාවන පද්ධතිය ඇති ඊජිප්තුවේ දුම්රිය උපාංග අලුත්වැඩියා සිදුනොකිරීම මත මහජන ආරක්ෂාවට අවදානමක් පවතින බව කලෙක සිට පෙන්වාදී තිබී ඇති අතර සිද්ධියෙන් පසු එරට ප්‍රවාහන ඇමතිවරයා ඉල්ලා අස්වී තිබේ.





No comments:

Post a Comment

Post Bottom Ad