මනූෂගෙන් නාමල්ට චෝදනාවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 27, 2019

මනූෂගෙන් නාමල්ට චෝදනාවක්

මනූෂගෙන් නාමල්ට චෝදනාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දේශපාලන කටයුතු සඳහා යොදා ගනිමින් මුදල් ඉපැයීමේ ජාවාරමක් ආරම්භ කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ඊයේ (27) පැවසීය.

කුවේට්හි සුරක්ෂා නිවාසයේ සිටින ශ්‍රමික කාන්තාවන් 34 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා ටිකට්පත් සූදානම් කර තිබියදී රාජපක්ෂ මන්ත්‍රීවරයා සේනානි නම් කාන්තාවකට මුදල් එකතු කරන ලෙස දන්වා ට්විටර් පණිවිඩයක් යවා තිබෙන බව බවද නානායක්කාර මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ නාමල් රාජපක්ෂ මහතා විදේශගත ශ්‍රමිකයන් නොමග යවා සිය අරමුණු ඉටුකර ගැනීමේ  පහත් දේශපාලනයක නිතර වන බවයි.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි  මහතා සඳහන් කළේ මෙම සේනානි නම් කාන්තාව මීට පෙර මුදල් විශුද්ධිකරණ යටතේ චෝදනාවට ලක්වූ තැනැත්තියක් බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad