වියළි කාලගුණය නිසා ජලවිදුලිය 25%ට සීමා කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 28, 2019

වියළි කාලගුණය නිසා ජලවිදුලිය 25%ට සීමා කරයි


පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සියයට 48 දක්වා පහළ
ගොස් ඇති බව විදුලිබල
හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.  මේ හේතුවෙන් දෛනික විදුලි සැපැයුමෙන් ජල විදුලි සැපයුම සියයට 25 දක්වා සීමා කිරීමට සිදුව ඇති බවත් තාප සහ ගල් අගුරු බලාගාරවලින් ඉතිරි විදුලි ධාරිතාව ලබා ගන්නා බවත් ඔහු සදහන් කළේය.

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 72ක ධාරිතාව සියයට 70 මට්ටමේ පවතින බව එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ වසන්ත බණ්ඩාර පලුගස්වැව මහතා පැවසීය.

-සුමන උදයන්ත

No comments:

Post a Comment

Post Bottom Ad