ආරාමයක වැඩ විසූ මෙහෙණින් වහන්සේ නමක් පිහියෙන් ඇන ඝාතනය කරලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 28, 2019

ආරාමයක වැඩ විසූ මෙහෙණින් වහන්සේ නමක් පිහියෙන් ඇන ඝාතනය කරලා

ආරාමයක වැඩ වාසය කළ මෙහෙණින් වහන්සේනමක් පිහි ඇනුම් කා අපවත් වී ඇති බව මුන්දලම පොලිසිය කියයි. අපවත්වී ඇත්තේ ආඬිගම - කුඩා කුඹුක්කඩවල ප්‍රදේශයේ ආරාමයක වැඩ වාසය කළ වයස අවුරුදු
60ක් පමණ වන මෙහෙණින්
වහන්සේ නමකි. ඊයේ (28දා) දහවල් කාලයේ මෙම ඝාතනය සිදුවී ඇත. අපවත් වී ඇති මෙහෙණින් වහන්සේ ගිහි කාලයේ නාරම්මල ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.

සැමියාගෙන් වෙන්වී පැමිණ ඇති ඇය ආඬිගම - කුඩා කුඹුක්කඩවල භික්ෂුණි ආරාමයේදී පැවිදි වී එහිම වාසය කරමින් සිට ඇත. ගිහි කල තමා හැරගිය සැමියා බිරිය පිළිබඳව සොයා බලන විට ඇය පැවිදි දිවියට ඇතුළත් වී ඇති බව දැන ඇයව සොයා පැමිණ මෙසේ පිහියෙන් ඇන ඝාතනය කර ඇත. පසුව ඔහු වස පානය කර ජීවිතය හානි කර ගැනීමට උත්සාහ කර ඇත. නමුත් ප්‍රදේශවාසීන් විසින් ඔහුව කඩිනමින් මුන්දලම දිසා රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත. මුන්දලම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

-සමන්ප්‍රිය ජයශාන්ත-



No comments:

Post a Comment

Post Bottom Ad