ලෝකය මවිත කරමින් නවතම ඊජිප්තු කැනීම් වලින් මමී 50 ක් හමුවේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 3, 2019

ලෝකය මවිත කරමින් නවතම ඊජිප්තු කැනීම් වලින් මමී 50 ක් හමුවේ

https://www.gossiplankanews.com/2019/02/50-egypt-tomb-mummies-archaeology-minya.html#more
ලෝක පුරා විද්‍යා ගවේෂණ ක්ෂෙත්‍රය අලුත් මානයකට හරවන්නට සමත් සොයාගැනීමක් පිළිබඳ අද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ ඊජිප්තුවේ කයිරෝ අගනුවරට දකුණු දෙසින් මින්යා නැමති පුරාවිද්‍යා භූමි ප්‍රදේශයේ තිබී මමි 50ක් තැන්පත් කර ඇති සොහොනක් හමුවීම පිළිබඳවයි. මේ ගැන හෙළිදරව්ව මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවේ
පෙබරවාරි 2 සෙනසුරාදාය.
දැනට වාර්තාවන ආකාරයට ක්‍රිස්තු පූර්ව 323ත්, 30ත් අතර කාලයට අයත් Ptolemaic යුගයට යයි අනුමාන කෙරෙන මෙම මමි අතරින් 12ක් කුඩා ළමුන්ගේ බව විශ්වාස කෙරෙයි.

Tuna el-Gebel නමැති දකුණු කයිරෝ නුවර මින්යාහි පුරා විද්‍යා ගවේෂණ පරිශ්‍රයේ මීටර 9 ත් 4 ත් වන හතරැස් ඉඩක මේවා වළදමා තිබී හමුවී ඇත. මෙම මමී ඉතා හොඳ මට්ටමේ පවතින බවත් කාගේ ඒවාදැයි තවම අධ්‍යයන මට්ටමේ පවතින බවත් පුරා විද්‍යාඥයින් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මේ ගැන කරන අධ්‍යයනය අතරතුර කාගේ මමීදැයි හඳුනාගන්නට හැකි සංකේත අක්ෂර තවම හමුවී නැති බවද ඔවුන් වාර්තා කර තිබේ.

මෙම මමී සමග හමුවූ මැටි භාණ්ඩ කොටස් අධ්‍යයනය කිරීමේදී මධ්‍යම පාන්තික හෝ ඉහළ ප්‍රභූ ජීවිතයක් ගත කළ පවුලක පිරිසක් මෙහි තැන්පත් කර ඇති බවට එක් මතයකින් දැක්වේ.  සමහර මමී ඔතා තිබුනේ ලිනන් රෙදි වලිනි. ඇතැම්වා ලී පෙට්ටිවලත් ඇතැම්වා ගල් පතුරු පෙට්ටිවලත් රඳවා තිබුණි.

මමි තිබුණ සොහොන් ගුහාව හා යාවුණ සැඟවුණු ගල් පඩි පෙළක් වෙත ගමන් කර ඇති අතර, එය කන්දකින් කෙළවර වෙත සොරොව්වකටද කුටි ගණනාවක් සහිත සෘජුකෝණාශ්‍රකාර කුටියක් වෙතද යාවී තිබී ඇත.

ගවේෂණ මෙහෙයවනු ලබන්නෙ ඊජිප්තුවේ මින්යා සරසවියේ පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායමයි. පසුගිය මාස කිහිපය තුළ කැනීම් කටයුතුවල සාර්ථකත්වය දක්වමින් ඔවුන් මෙම සොයාගැනීම 2 සෙනසුරාදා ලෝකය හමුවේ තැබුවේි රටවල් 40 කට අධික නියෝජිතයින් එම ස්ථානයට කැඳවා විශේෂ මාධ්‍ය හමුවක් හා ප්‍රදර්ශනය කිරීමක් පවත්වමිනි.
මෙම සොයාගැනීම ගැන තවදුරටත් ගවේෂණ සිදු කෙරේ.






















No comments:

Post a Comment

Post Bottom Ad