මම තානාපතිකමෙන් ඉල්ලා අස්වුණා - ASP ලියනගේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 4, 2019

මම තානාපතිකමෙන් ඉල්ලා අස්වුණා - ASP ලියනගේ

මම තානාපතිකමෙන් ඉල්ලා අස්වුණා - ASP ලියනගේ

කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ධූරයෙන් තමන ඉල්ලා අස් වූ බව ASP ලියනගේ මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව සඳහන් කළේ එම ධූරයෙන් තමන්ව ජනාධිපතිවරයා යළි කැඳවූ  බවට පලවන වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකදීය.

එම වාර්තා අසත්‍ය බව ප්‍රකාශ කළ ලියනගේ මහතා සඳහන් කළේ සිය ධුරයේ අවසන් කළ යුතු රාජකාරි කිහිපයක් සිදු කිරීමෙන් අනතුරුව තමන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

ශ්‍රී ලංකාව තුළ සේවය කළ යුතු බවට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ද ඔහු ප්‍රකාශ කළා.

පසුගිය ආණ්ඩුකාර ධුර මාරුවේ දී වාර්තා වූයේ ASP ලියනගේ මහතාට ජනාධිපති වරයා ආණ්ඩුකාර ධුරක්ද ලබාදීමට නියමිත බවය.

කෙසේවෙතත් ලියනගේ මහතාට එවන් ධූරයක් හිමි වූයේ නැහැ.

No comments:

Post a Comment

Post Bottom Ad