Loading...
පාසල තුළදී සිසුවියක ලිංගික අතවරයට ලක්කළැයි කියන කුලියාපිටිය ප‍්‍රධාන පාසලක විදුහල්පතිවරයකු ඊයේ (25 දා* කුලියාපිටිය පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත.
කුලියාපිටිය නගරයට නුදුරු ප‍්‍රධාන පාසලක විදුහල්පතිවරයකු එසේ අත්අඩංගුවට ගෙන ඇත. එම පාසලේම 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 17 හැවිරිදි සිසුවියක පඩි පෙළක් නැඟ එමින් සිටියදී අතවරයට ලක් කළ බවට ලද පැමිණිල්ලකට අනුව සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබිණි.
කුලියාපිටිය ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිනිය විසින් සිද්ධිය වූ බව කියන තරප්පු පෙළ හා ඒ අවට පරිශ‍්‍ර නිරීක්ෂණය කිරීමෙන් ද සිද්ධිය සම්බන්ධව කිහිපදෙනකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීමෙන් ද අනතුරුව විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කුලියාපිටිය මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් පි‍්‍රයන්ත මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකා සාවිති‍්‍ර සිරිමාන්න, සැරයන් දයාරත්න (58527*, කාන්තා පොලිස් සැරයන් චන්දිමා, කාන්තා පොලිස් කොස්තාපල් දමයන්ති (8679* යන නිලධාරීහු සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඉදිරි පරීක්ෂණ මෙහෙයවති.
කුලියාපිටිය - උපේන්ද්‍ර සේරසිංහ
-Divaina

No comments:
Post a Comment