ආණ්ඩුවට ගිය ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් යළි පිල් මාරුවට සැරසෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 25, 2019

ආණ්ඩුවට ගිය ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් යළි පිල් මාරුවට සැරසෙයි

ආණ්ඩුවට ගිය ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් යළි පිල් මාරුවට සැරසෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරුන්ගෙන් බොහෝමයක් යළිත් නිදහස් පක්ෂයට පැමිණීම සඳහා එම පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට අවස්ථා ගණනාවකදී උත්සාහ දරා ඇතත් ඒ සඳහා වේලාවක් ලබාදී නැතැයි වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එක්වුවද ඔවුන්ට ඇමැති ධුර ලබා නොදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කිරීම නිසා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස අසුන් ගෙන සිටීමට සිදුව ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය මත ඇමැති ධුර වැඩිකර ගැනීම සඳහා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ කළද එයද අසාර්ථක වීම නිසා යළි නිදහස් පක්ෂය සමග එක්වීමට මෙම මන්ත්‍රීවරු තීරණය කර තිබේ.

එහෙත් දකුණු පළාත නියෝජනය කරන මන්ත්‍රීවරයකු අවස්ථා ගණනාවකදී ජනාධිපතිවරයාගේ දුරකථනයට ඇමතුම් ගෙන ඇතත් ඒ සඳහා ප්‍රතිචාර දක්වා නොමැති බවයි සඳහන් වන අතර ජනාධිපතිවරයා හමුවීමට අවස්ථා ගණනාවකදී වේලාවක් ඉල්ලා ඇතත් ඊට ද අවස්ථාවක් ජනාධිපතිවරයා ලබාදී නැත.

No comments:

Post a Comment

Post Bottom Ad