රේගු වර්ජනයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇතිවිය හැකියි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 2, 2019

රේගු වර්ජනයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇතිවිය හැකියි

රේගු වර්ජනයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇතිවිය හැකියි

රේගු නිලධාරීන් දින තුනක් පුරා අඛණ්ඩව සිදුකරන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් ඇතිවිය හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කරුවන්ගේ සහ වෙළදුන්ගේ සංගමය පවසයි.

එම සංගමය පවසන්නේ කඩිනම් ක්‍රියාමාර්ග නොගන්නේ නම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇතිවීම වැලැක්විය නොහැකි බවයි.

කෙසේ වෙතත් අද දිනය තුළද වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක අතර රේගු අධිකාරීවරුන්ගේ සංගමයේ සභාපති උදිත ජයසිංහ මහතා කියා සිටියේ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය විසඳුමකින් තොරව අවසන් නොකරන බවයි.

මේ හේතුවෙන් රේගුවට ලැබියයුතු ආදායම ද 65%කින් පමණ අඩුවී ඇත.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී. එස්. එම්. චාල්ස් මහත්මිය වෙනුවට  විශ්‍රාමික රියර් අද්මිරාල් ශමාල් ප්‍රනාන්දු මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කිරීමට විරෝධය පළකරමින් රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළේය.

රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය, රේගු අධිකාරී සංගමය, රේගු නිලධාරීන්ගේ සංගමය, බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතව සිටියි.

කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය භාණ්ඩ නිකුත් කිරීමේ කටයුතු අවහිරයකින් තොරව සිදුකරයි.

No comments:

Post a Comment

Post Bottom Ad