වසර එකහමාරක මිතුදම පේ‍්‍රමයක් වී විවාහයෙන් කෙළවර වූ හැටි,රෝහිත - ටට්යානා ආදර කතාව - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 2, 2019

වසර එකහමාරක මිතුදම පේ‍්‍රමයක් වී විවාහයෙන් කෙළවර වූ හැටි,රෝහිත - ටට්යානා ආදර කතාව

Loading...
රෝහිත-ටට්යානා යුවළ ඇත්තටම කවුරු අතරත් ජනපි‍්‍රය ආදරවන්තයින් යුවළක් හැමෝම මේ ආදරණීය යුවළ ගැන දන්නවා වුණත් මේ ආදර කතාව ආරම්භ වෙන්නේ කොහොමද කියලත් දැනගන්න කැමැති ඇති. ඒ නිසාම තමයි මේ ආදර කතාව වචනවලට පෙරළන්න හිතුවේ.
 රෝහිත ටට්යානා ආදර කතාවට අවුරුදු ගණනාවක් වෙනවා. මේ ආදර කතාව ආරම්භ වෙන්න මුල පුරන්නේ TV comercial එකක් කිව්වොත් ඔබ පිළිගන්නවාද?
 

tat4
 ඇත්තටම රෝහිත ටට්යානව මුලින්ම දකින්නේ ඔබ කවුරුත් අතර ජනපි‍්‍රය සන්ලයිට් ඇඞ්වර්ටීස්ට්මන්ට් එක හරහා. සරලවම කියනවනම් ජිම් එකේ work out කරමින් ඉන්න වෙලාවක TV එකේ මේ ඇඞ්වර්ටීස්මන්ට් එක රෝහිතගේ නෙත ගැටෙනවා. මේ මොහොතේ රෝහිතගේ නෙත ගැටුණු මේ රූපය ඔහුගේ හදවතට ම කිඳා බැස්සා කිව්වොත් හරි. මොකද” ඊට පස්සේ රෝහිත මේ රූපය හැමතැනම සොයන්නට පටන් ගන්නවා. ටට්යානාගේ රූපය ඒ සුන්දරත්වය රෝහිතගේ හිත තුළට කෙතරම් කාවැදිලද කියනවා නම් ඔහු කෙතරම් දුෂ්කර කාර්යයක් වුණත් වසර දෙක තුනක්ම මේ රූපය සොයන්නට පටන් ගත්තා.
 ආදරය කියන්නේ හදවතට කෙතරම් සමීප දෙයක්ද” ආදරයක් හදවතට දැනුණාම ඒ ආදරය අපට එතැන් පටන් කෙතරම් ශක්තියක් වෙනවද අපිව බලාපොරොත්තු අතර ජීවත් කරන්න කියන දේ මේ ආදර අන්දරය ආරම්භයේදීම අපට දැනෙනවා.

tat5

 
 අවංක ආදරයට ස්වභාව දහමත් ආශිර්වාද කරනවා කියලා ඔබ විශ්වාස කරනවාද? මම එහෙම කියන්න හේතුව වුණේ රෝහිතගේ වසර දෙක තුනක ඒ කැප කිරීම” ඒ බලාපොරොත්තුව ටට්යානාව සොයා ගන්නට ඔහුට පුංචි සලකුණක් පෙන්වනවා. ඒ සලකුණ ගැන කියනව නම් ඇත්තටම ඔහුට ටට්යානාගේ යෙහෙළියක් මුණ ගැසෙනවා. මේ යෙහෙළිය හරහා ඔහුට ටට්යානාව මුණ ගැහෙනවා. 
rohitha6

ටට්යානා හමු වුණත් රෝහිත එකපාරටම රෝහිතගේ හදවතේ හැංගිලා තියෙන ආදරය ගැන ටට්යානාට පවසන්නට යන්නේ නැහැ. මුලින්ම ඔවුන් හොඳම යහළුවන් සේ ආශ‍්‍රය කරන්නට පටන් ගන්නවා. මේ මිත‍්‍රත්වය එකිනෙකා අතර ආදරණීය හැඟීමක් ඉස්මතු කරාවිද......
 
 රෝහිත” ටට්යානා දෙපළගේ මිත‍්‍රත්වයේ බැඳීමත් වසර 1 1/2 ක් පමණ පැවතුණා. ඊට පස්සේ රෝහිතට හිතෙනවා හිතේ තිබෙන ආදරය පවසන්න. මේ තමයි හොඳම කාලය කියලා. නමුත්” ඔහු ඔහුගේ ආදරය ඇයට පවසන්නේ ඇයව මුණගැහිලා නම් නෙමෙයි. ඔහු කාලයක් තිස්සේ හදවතේ හංගගෙන සිටි ආදරය ඇයට පවසන්නේ දුරකථනයෙන්. මේ මොහොතේ ටට්යානාට හොඳටම තරහ ගිහින් සිටි මොහොතක්. ඒ අවස්ථාව ඔහු ඔහුගේ ආදරය ඇයට පවසන්න අවස්ථාවක් කරගන්නවා. ඒ වෙනකොටත් දෙදෙනාගේ මිත‍්‍රත්වය හොඳ තේරුම් ගැනීමක් ඇතිව පැවතුණා.
 
rohitha7
 ‘‘ මම ඔයාට කැමැතියි. කියා රෝහිත ටට්යානාට පැවසූ සැණින් ටට්යානා shok වෙලා දුරකථනය විසන්ධි කරනවා රෝහිතගේ හදවතේ ටට්යානා පිළිබඳව ආදරයක් ඇතිවී තිබුණත් ටට්යානා ඒවගේ දෙයක් ඒ මොහොතේ බලාපොරොත්තු වුණේ නැහැ.
 
 ඉන්පසු රෝහිතත් මේ ආදර කතාව එතැනින් නිමයි කියා සිතුවට ඊට සුළු මොහොතකට පසු ටට්යානා නැවතත් රෝහිතට දුරකථන ඇමතුමක් දෙනවා.
 
 rohitha8
ඒ වනවිටත් දෙදෙනා අතර හොඳ මිත‍්‍රත්වයක් සහ තේරුම් ගැනීමක් තිබුණු නිසා මේ මිත‍්‍රත්වය එතැන් පටන් ආදරයකට පෙරළෙනවා. රෝහිත” ටට්යානා ආදර කතාව ආරම්භ වෙන්නේ අන්න ඒ විදියටයි.
 
 මේ දෙපළගේ සුන්දර ආදරය මේ විදියට ආරම්භ වී දිනෙන් දින අලූත් වෙමින් ගලාගෙන යන අතර වාරේ දෙදෙනාම තවත් යහළුවන් පිරිසක් සමඟ අපි‍්‍රකාවේ උසම කන්ද තරණය කරන්නත් යනවා. මොකද” මේ දෙදෙනාම හරිම කැමැතියි challenges වලට සහ කඳු තරණය කරන්න. මේ මොහොතේ රෝහිතට හිතෙනවා මේ අවස්ථාව තමයි සුදුසුම කියලා ඇයට විවාහ යෝජනාව කරන්න. ඉතින් රෝහිත ටට්යානාට අපි‍්‍රකාවේ උසම කන්ද උඩදී තමයි විවාහ යෝජනාව කරන්නේ. 

එතැන් පටන් කාලය ගෙවෙන්නේ ඒ සුන්දර ලස්සන දවස වෙනුවෙනුයි. ආදරවන්තයන් දෙපළකගේ ලස්සනම දවස වෙන්නේ ඔවුන්ගේ විවාහ පත්වීමේ දවසයි.
 
 ඉතිං මේ ආදර කතාවට ලස්සනම දවස 2019 වසරේ දුරුතු මාසයේ 24 වැනිදාය. මන්ද” රෝහිත ටට්යානා දෙපළගේ විවාහ දිනය යෙදී තිබුණේ ඒ දවසේදීය. දෙපාර්ශ්වයේම ආශිර්වාදය ඇතිව ඔවුන් දෙපළට අතිනත ගැනීමට ලැබීමත් ඒ සුන්දර පිවිතුරු ආදරයට වටිනාකමක් එක්වීමත් ඔවුන් ලද භාග්‍යයක් වෙනවා. 
 
 ටට්යානා කතෝලික කාන්තාවක් වුණත් ආගම් බේදයකින් තොරව සිංහල චාරිත‍්‍රවලට සහ කතෝලික චාරිත‍්‍රවලට ඔවුන්ගේ විවාහය සිදුවීම තවත් සුවිශේෂී කාරණාවක් වෙනවා. 
 
 අවංකවම ආදරය කරන ආදරණීය තරුණ තරුණියන්ට රෝහිත ටට්යානා කියන්නේ ආදර්ශවත් යුවළක්.
 
 -දිවයින පුවත්පත
 මේධාවි ජයතිලක

No comments:

Post a Comment

Post Bottom Ad